tag:blogger.com,1999:blog-48700110249693150282024-03-05T16:50:02.612+05:30සූරියා ගේ දිනපොත (Suriya's diary)හිතෙන, දැනෙන සුවහසක් දෙයින් කිහිපයක් පමණක් ලියැවෙන තැනක්...සූරියාhttp://www.blogger.com/profile/04012261031320355364noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4870011024969315028.post-14292961176579633122018-01-02T16:58:00.000+05:302018-01-10T11:21:28.176+05:30ඔබ අා පසු
උදෑසන හිරු එලිය
දම් පාට හැන්දෑව
රන් කිරණ වෙස් අරන්
තේක්ක ගස් අතු පතර
රන් පතින් සැරසුවේ
ඔඛ අා පසුයි.
වැරදිලා අා මගක
හති වැටුනු ජීවිතේ
අාපසු හැරෙන්නට
සැරසුණුම මොහොතේ
ඔබ අැවිත් නැවතුනා
මගෙ නෙතේ.
හමුවීම අපේ අහම්බයක්ද
නැතිනම් මේ ඉරණමද
කවුද මට පහදන්නේ
මොකද ඔබ නෑ මේ කිසිත් දන්නේ
ජීවිතේ කිසිදාක නොලැබුනු
ලැබුනු හැම විටකම අත හැරුනු
හැමදාම හැම තැනම හොය හොයා වෙහෙසුණු
අාදරේ....
ඔව් ඒ අාදරේමයි
සූරියාhttp://www.blogger.com/profile/04012261031320355364noreply@blogger.com5tag:blogger.com,1999:blog-4870011024969315028.post-72772154781143395402015-07-12T13:09:00.000+05:302015-07-13T15:19:05.883+05:30මග හැරුනු තැන්
වම් පස කුණු කානුවේ
බල්ලන් පැහැරූ තැනම
බක්කියේ පාන් කෑලි අහුලන
සැරව ගලන තුවාලැති
දුප්පත් හිඟන්නා
දකුණු පස මාවතේ
තාර ගැලවෙන වේගයෙන් විත්
මා ළඟ නැවතුනු හයිබ්රිඩ් කාරයෙන්
එබී බැලුවා සිනාසී
නටාෂා
එදා මං ආපහු එනකොට හුඟාක් රෑ වුනා
දුම්වැටිය ගෙවිලා කටත් පිච්චුනු මට
මග ඇරුනේ බස් එක විතරමද...
සූරියාhttp://www.blogger.com/profile/04012261031320355364noreply@blogger.com6tag:blogger.com,1999:blog-4870011024969315028.post-67666736767609939882015-06-30T18:24:00.004+05:302016-06-30T14:54:15.993+05:30මේ ඔබම ද
කී වරක් ඔබ දෙස බලන්නද
කී වරක් ඒ ගැන හිතන්නද
හිත අහනන්නේ එකම පැනයයි
ඒ ඔබමද
ඒ ඔබමද
වෙන්න බෑ මේ ඔබ නොවේම යි
ඒත් ඇස් දෙක සියක් වරයක්
ඇදී යන්නේ ඒ දිහාම යි
අකීකරු ඇස්
හොයනවා සලකුනු නිහඬවම
ඊටත් එහා යන හිත
මවනවා අතීතය ඇස් ඉදිරියේ
ආයේ කවදා නම් දකින්නද
මේ තරම් වත් ගතින් ලංවී
ඇත්තටම මේ ඔබ නොවේම යි
ඒත් ඇත්තට මේ ඔබ වුනානම්....
සූරියාhttp://www.blogger.com/profile/04012261031320355364noreply@blogger.com9tag:blogger.com,1999:blog-4870011024969315028.post-76990766823457229172015-06-29T13:48:00.000+05:302015-06-30T18:36:38.504+05:30යලි පැරදුනු නුඹ (අවසන් වරට)
අහස රත් පැහැ සිතුවමින්
සරසද්දි මල හිරු ඇවිත්
අඳුර පිරි නිහැඬියාව
බින්දා එකම එක වෙඩි හඬක්
කියන්නට නොහැකිව
සිත තුලම සිරවූ
නුඹෙ සුසුමේ උණුසුම
ලුණු මිශු මුහුදු සුළඟට
මුසු කලේ මොන හිතකින්ද
මුහුද අද්දර නැංගුරම් ලා තිබූ
කාටදෝ අයිති ඔරුවක
සමු අරන් තිබුනා ඔබ සදහටම
කාටවත් රිදුනෙ නෑ
කවුරුවත් ඇඬුවෙ නෑ
කුහුල දනවන පුවත් මැවුනා පමණයි
සූරියාhttp://www.blogger.com/profile/04012261031320355364noreply@blogger.com10tag:blogger.com,1999:blog-4870011024969315028.post-19594903263241850782015-06-26T13:10:00.000+05:302015-06-30T17:38:33.856+05:30මුතු පලඳනාව
නොනැවතී ඔබ යන්න
මා දිහා නොබලා
හරියට වරදක් කලා සේ මා
ඒකට කමක් නෑ
හිත හදාගන්න
මං කියපු හැමදේම අද රස කතාවන්
ඔබෙ මිතුරියන් අතර
ඒත් මතකද කඳුලු පිරි දෑසින් ඔබ මට කී කතා
උරහිසේ මුව තියාගෙන
ඒවා අදටත් රහස් මගෙ හදවතේ හැංගුන
ඒ ඔක්කොමත් හරි
ඒත් මට තේරුම් ගන්නම බැරි
එක දෙයක් තියෙනවා
ඔබ හුඟාක් ආස කල
මා දුන්නු මුතු පලඳනාව
තාමත් අතේ ඇයි
සූරියාhttp://www.blogger.com/profile/04012261031320355364noreply@blogger.com28tag:blogger.com,1999:blog-4870011024969315028.post-36474007856580096042015-06-22T17:23:00.001+05:302015-07-07T16:08:22.305+05:30ඔබ කොහෙද
පනටත් වඩා ආදරෙයි
සත්තයි හැමදාමත්
ඈ කනට කෙඳුරුවත් ඔහුගේ
කවුලුව අසල අසුනේ හිඳ
මහා ගෝට්ටිය මැද නගරේ
ඇසුනා මටත් ඒ හඬ
රිය සෙමින් ඇදුනා වැහි අඳුර මැද්දේ
මඩ වතුර ඉහිරමින්
මග දෙපස
ඒ අවසරෙන් සීතලට කිටි කිටියේ
තෙරපුනා ඒ දෙඅත
වැහි බිංදු බේරෙන
වීදුරුව අස්සෙන් මං ගියා අතීතෙට
ඒ අසුනෙම අනිත් කෙලවරේ හිඳ
අප උන් හිටි තැනක්වත්
නෑ දැන් හොයා ගන්න
ඒ්ත් එකම වදනක්
ඔබ මට කියූ එකම එක වදනක්
සූරියාhttp://www.blogger.com/profile/04012261031320355364noreply@blogger.com6tag:blogger.com,1999:blog-4870011024969315028.post-26463398637008511562015-06-10T19:20:00.001+05:302018-01-03T11:23:35.915+05:30මගේ සිතුවිලි
මේ මාගේ සිතුවිලි ගැන ය.
ඒවා බොහෝ විට කිසිම කමකට නැති ඒවා ය.
මා එය දැන ගත්තේ බොහෝ දෙනා බොහෝ වාරයක්
මට එසේ පවසා ඇති නිසා ය.
මා සිතා සිටියේ මම ඉතා උසස් සිතුවිලි
ඇති පොරක් බව ය. (දැන් ප්රසිද්ධියේ කීමට බිය වුවද මට තවමත් එසේ සිතෙයි)
එනිසාම මම මට සිතෙන දේ නොපැකිලව කියන්නට
කරන්නට පුරුදු වී සිටියෙමි.
එහෙත් දැන් ඒසේ කියන්නට කරන්නට මදක්
අදිමදි කරමි.
නොකියාම බැරි තැන දෙතුන් වරක් සිතා බලා
කියන්නට සූරියාhttp://www.blogger.com/profile/04012261031320355364noreply@blogger.com10tag:blogger.com,1999:blog-4870011024969315028.post-6556919092558267782015-05-21T15:05:00.001+05:302018-05-17T13:44:18.836+05:30සූරියා ගේ දිනපොත
මේ සූරියා ගේ දිනපොත. සූරියාට හිතෙන දේ විටින් විට සූරියා මෙතන ලියනවා.
එත් සුරියා හිතෙන හැමදේම මෙතන ලියන්නෙත් නැහැ.
සුරියා තදින්ම විශ්වාස කරන දෙයක් තමයි මේ ලෝකයේ කියූ සහ ලියූ සියල්ලට වඩා නොකියූ සහ නොලියූ දේවල් බොහෝ වැඩියි කියන එක. එත් මේ කතාව කිව්වේ කවුද කියල නම් සූරියා ට මතක නැහැ.
වක්කඩ කැඩුව වගේ ගලා ගෙන එන සිතිවිලි වලින් ටිකක් හරි තවත් කවුරු හරි කියවල දැන ගන්න එක හොඳයි කියන සූරියා සූරියාhttp://www.blogger.com/profile/04012261031320355364noreply@blogger.com13