Monday, June 22, 2015

ඔබ කොහෙද


පනටත් වඩා ආදරෙයි
සත්තයි හැමදාමත්

ඈ කනට කෙඳුරුවත් ඔහුගේ
කවුලුව අසල අසුනේ හිඳ
මහා ගෝට්ටිය මැද නගරේ
ඇසුනා මටත් ඒ හඬ

රිය සෙමින් ඇදුනා වැහි අඳුර මැද්දේ
මඩ වතුර ඉහිරමින්
මග දෙපස
ඒ අවසරෙන් සීතලට කිටි කිටියේ
තෙරපුනා ඒ දෙඅත

වැහි බිංදු බේරෙන
වීදුරුව අස්සෙන් මං ගියා අතීතෙට
ඒ අසුනෙම අනිත් කෙලවරේ හිඳ

අප උන් හිටි තැනක්වත්
නෑ දැන් හොයා ගන්න
ඒ්ත් එකම වදනක්
ඔබ මට කියූ එකම එක වදනක්
තෙරපෙනවා හදේ අදටත්

ආදරෙයි රත්තරං
සත්තයි හැමදාමත්

ඒත් අද ඔබ කොහෙද

6 comments:

  1. හරිම ලස්සන කවි පෙලක්. මගේ හිතත් අතීතෙටම ගියා.මටත් ලස්සන ආදරයක් තිබ්බා.. ඒත් එයා දැන් වෙන කෙල්ලෙක් එක්ක මං යන බස් ‍එකේම යනවා. මං ජනේලෙන් එලිය බලන් යනවා...

    ReplyDelete
    Replies
    1. ඔයා ඇත්තටම මාර ගට්ස් තියෙන කෙනෙක් නේ... සිරාවට මට නම් එහෙම දෙයක් කරන්න බෑ... කොහොමද බුට් එකක් කාල එක බස් එකේ අනිත් එක්කෙනා ඉන්නවා කියල දැන ගෙන යන්නේ...

      Delete
    2. මම විතරද මේ තරමි පස්සේ කාලෙක මේක කියවන්නේ

      Delete
  2. සූරියා මේක තමයි මම හිතන්නෙ ලස්සනම කවිය. දිගටම ලියන්න කියල සුභ පතනවා
    ආදරෙයි රත්තරං සත්තයි හැමදාමත්
    කියවන හැම වෙලාවකම ඒ පද ටික හරිම හුරු පුරුදු බවක් ගේනවා. හරිම ආදරණීය වචන ‍ටිකක්

    ReplyDelete
  3. ස්තූතියි අදහස් දැක්වූ සැමට

    ReplyDelete