පනටත් වඩා ආදරෙයි
සත්තයි හැමදාමත්
සත්තයි හැමදාමත්
ඈ කනට කෙඳුරුවත් ඔහුගේ
කවුලුව අසල අසුනේ හිඳ
මහා ගෝට්ටිය මැද නගරේ
ඇසුනා මටත් ඒ හඬ
කවුලුව අසල අසුනේ හිඳ
මහා ගෝට්ටිය මැද නගරේ
ඇසුනා මටත් ඒ හඬ
රිය සෙමින් ඇදුනා වැහි අඳුර මැද්දේ
මඩ වතුර ඉහිරමින්
මග දෙපස
මඩ වතුර ඉහිරමින්
මග දෙපස
ඒ අවසරෙන් සීතලට කිටි කිටියේ
තෙරපුනා ඒ දෙඅත
තෙරපුනා ඒ දෙඅත
වැහි බිංදු බේරෙන
වීදුරුව අස්සෙන් මං ගියා අතීතෙට
ඒ අසුනෙම අනිත් කෙලවරේ හිඳ
වීදුරුව අස්සෙන් මං ගියා අතීතෙට
ඒ අසුනෙම අනිත් කෙලවරේ හිඳ
අප උන් හිටි තැනක්වත්
නෑ දැන් හොයා ගන්න
ඒ්ත් එකම වදනක්
නෑ දැන් හොයා ගන්න
ඒ්ත් එකම වදනක්
ඔබ මට කියූ එකම එක වදනක්
තෙරපෙනවා හදේ අදටත්
තෙරපෙනවා හදේ අදටත්
ආදරෙයි රත්තරං
සත්තයි හැමදාමත්
සත්තයි හැමදාමත්
ඒත් අද ඔබ කොහෙද
හරිම ලස්සන කවි පෙලක්. මගේ හිතත් අතීතෙටම ගියා.මටත් ලස්සන ආදරයක් තිබ්බා.. ඒත් එයා දැන් වෙන කෙල්ලෙක් එක්ක මං යන බස් එකේම යනවා. මං ජනේලෙන් එලිය බලන් යනවා...
ReplyDeleteඔයා ඇත්තටම මාර ගට්ස් තියෙන කෙනෙක් නේ... සිරාවට මට නම් එහෙම දෙයක් කරන්න බෑ... කොහොමද බුට් එකක් කාල එක බස් එකේ අනිත් එක්කෙනා ඉන්නවා කියල දැන ගෙන යන්නේ...
Deleteමම විතරද මේ තරමි පස්සේ කාලෙක මේක කියවන්නේ
DeleteLassana kaviyak
ReplyDeleteසූරියා මේක තමයි මම හිතන්නෙ ලස්සනම කවිය. දිගටම ලියන්න කියල සුභ පතනවා
ReplyDeleteආදරෙයි රත්තරං සත්තයි හැමදාමත්
කියවන හැම වෙලාවකම ඒ පද ටික හරිම හුරු පුරුදු බවක් ගේනවා. හරිම ආදරණීය වචන ටිකක්
ස්තූතියි අදහස් දැක්වූ සැමට
ReplyDelete