Sunday, July 12, 2015

මග හැරුනු තැන්


වම් පස කුණු කානුවේ
බල්ලන් පැහැරූ තැනම
බක්කියේ පාන් කෑලි අහුලන
සැරව ගලන තුවාලැති
දුප්පත් හිඟන්නා

දකුණු පස මාවතේ
තාර ගැලවෙන වේගයෙන් විත්
මා ළඟ නැවතුනු හයිබ්‍රිඩ් කාරයෙන්
එබී බැලුවා සිනාසී
නටාෂා

එදා මං ආපහු එනකොට හුඟාක් රෑ වුනා

දුම්වැටිය ගෙවිලා කටත් පිච්චුනු මට
මග ඇරුනේ බස් එක විතරමද...

6 comments:

  1. මේක නම් තේරෙන්නෙ නැතෝ...................................

    ReplyDelete
    Replies
    1. ඉසීනේ බං මේ හිඟන්නා වාමාංෂිකයෙක්... ඉතිං ඌ බලු ගූ තිබ්බත් කෑම කනවා..ඒ කියන්නේ ඔනම තුච්ච වැඩක් වාමාංශිකයෝ කරනවා කියලා...කකුලේ තුවාල් වේලා තියෙනවා කියන්නේ පක්සේ බේද බින්න වෙලා තියෙන්නේ...

      හයිබ්‍රිඩ් එකේ එන්නේ ධනපතියෝ ... ඇවිල්ල සාමාන්ය මනුස්සයා ගාව නැවැත්තුවාම.. ඌ හිතුවෙ ඌව දාගෙන යයි කියලා... සාමාන්ය ජනතාව කියන්නේ චන්ද දායකයෝ....

      කෙල්ල කරපු වැඩේට අරූට පුදුම වෙලා කටෙ තිබුන සිගරට් එකට කට පිච්චිලා ගෙදර යන්න තියෙන බස් එකත් මග ඇරුනා.... සිගරට් එක කියන්නේ චන්දේ, බස් එක කියන්නේ මැතිවරණය..

      චන්දේන් වැඩක් උනේ නෑ මැතිවරනය මිස් උනා කියලා කියන්නේ ධනපතින්ගේ හිනාවට...

      Delete
    2. ane yako thota pissuda

      Delete
    3. මචං හොඳට පරිකල්පන ශක්තිය තියෙන්න ඔනේ බං ඔවා අල්ල ගන්න උඹලට බෑ...

      නටාෂා යනු නටන්නට ආසාවක් ඇති.. ධනපතින් කොහොමත් චන්ද දායකයින් අල්ලේ නටවන්න කැමතිනේ...

      මේකේ හෙඩිම එන්න ඔනේ මග ඇරුනා නෙමෙයි.. චන්දය සුරියාගේ ඇසින්...

      Delete
  2. මේ දුප්පත් හිඟන්නා යනු සාමානය ජනතාව. ඔවුන්ට ලබාගන්න පුළුවන් සාමානය සතුටක් තමා. ඒක උපමා කරලා තියෙන්නේ "බක්කියේ පාන් කෑලී" වලට.

    මෙහි එන කතානායකයා සාමාන්ය අයකුවුවත් කඩවසම් අයෙක්.. ඒකයි හයිබ්‍රිඩ් එකෙන් ආපු අබිසාරිකාව සිනා සෙන්නෙ ඔහුත් සමග.

    ඇයත් එක්ක බොහොවේලාවක් තනිවෙනවා. ඇයගේ පහසට ඔහුට සියල්ල අමතක වෙනවා. ඒකයි දුම්වැටියට ඔහුගේ කට පිච්චෙන්නේ.

    ඇයගේ පහස බොහොවෙලා රෑ බෝ වෙනකන් විඳපු ඔහුට බස් එක පමනක් නොව ජිවිතයත් ය.

    මෙහෙම වෙන්න බැරි ද?

    ReplyDelete